පසුගිය දවසක සිදුවුණ සිදුවීමක් නිසා “ටික්ටොක් කිරිසමන්” කා අතරත් කතාබහට ලක් වුණා. මිලියනකට වැඩි ප්‍රේක්ෂක ආකර්ශණයක් තිබු ඔහු මතටලොල් වූ ස්ත්‍රී දූෂකයෙක් ලෙස හංවඩු ගැසුණා.ඊට හේතු වුණේ වයස අවුරුදු 11 බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ සිදුවීමක් නිසා ය. බාලවයස්කාර දැරිය රවටා වරින් වර ඇය සමූහ අපයෝජනයට ලක් කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන හේතු නිසා කිරිසමන් අත් අඩංගුවට ගත් අතර ඔහුට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් වීම නිසා ඔහුව බන්ධනාගාරගත කිරීම සිදුවුණා. ඔහුගේ සියලු පැටිකිරියාවන් හෙළිවීමත් සමඟ බොහෝ දෙනා ඔහුගේ ක්‍රියාව පිළිකුල්ව හෙළා දුටුවා.අත් අඩංගුව ගැනීමේ සිට බන්ධනාගාර ගත කරන තුරු සමාජය විසින් ඔහු උදෙසා විවිධ මතවාද හා අදහස් රෝපණය කළා. බොහෝ දෙනෙක් ඔහුට බන්ධනාගාරගත කිරිමෙන් පසුව මුහුණ දෙන්නට සිදුවන දේ හාස්‍යයයෙන්, උපහාසයෙන් හුවා දැක්වූවා. නමුත්,සමාජය දුරදිග නොහිතා කිරිසමන්ට කළ උසුළු-විසුළු ම ඔහු තමාගේ නිවැරදිබව දැක්වීමට යොදාගත් බව ඇප ලබා නිදහස ලැබූ කිරිසමන්ගෙ මාධ්‍ය සාකච්ඡාව ඇසු,බැලු කෙනෙක්ට වටහා ගත හැකි ය. සිරමැදිරියේදි එවැනි දේ සිදුවීමත් මෙවැනි පුද්ගල චරිත සඳහා එවැනි දේ නිතරම සිදුවීමත් සාමාන්‍ය දෙයක් බව රහසක් නොවෙන ප්‍රසිද්ධ රහසකි.එවන් මොහොතක ඔහුට සමාජය විසින් කළ බලපෑම ඔහු තම වාසියට යොදාගත් බව මාධ්‍ය සාකච්ඡාවෙදී මනාව පැහැදිලි වෙයි.
කිරිසමන්ගේ පැත්තෙන් එවෙනි දේ සිදු වෙද්දි, ඔහු වැරදි නොකළ අහිංසක චරිතයක් බව පෙන්වීමට යම් ආයතන පවා පෙනි සිටීම ලැජ්ජාවටම කරුණකි. සමාජයට නොගැළපෙන ලෙස හුවා දැක්වූ තම පෞද්ගලික විඩීයෝ දර්ශන වලින්ම ඔහුගේ අසම්මත බව හෙළිවෙද්දි ආධාරණයට ලක්වු සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින “සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව” කිරිසමන් වැනි අපරාධකරුවෙකු වෙනුවෙන් පෙනී සිටියේ ඇයිදැ’යි ප්‍රශ්නයකි. නිදහස, අයිතීන් හා අසාධාරණකම් වෙනුවෙන් කතා කරන්නට නිකරුනේ හිරගෙදර කූරු ගනින අහිංසකයෝ ඕනෑ තරම් සිටිනවා. එවැනි මිනිසුන් වෙනුවෙන් පෙනි නොසිට අපරාධයන්ට සාක්ෂි පවා තිබෙන කිරිසමන් වෙනුවෙන් පෙනි සිටීමට “සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව” අවශ්‍ය වුණේ ඇයි? දේශපාලන පලිගැනීමකට සිරබත් කන රංජන් රාමනායක හොදම උදාහරණයකි. ඔහු දේශපාලඥයෙකි.දක්ෂ සිනමා රංගන ශිල්පියෙකි.අසරණ ජනතාව වෙනුවෙන් හඬක් නැගූ වීරයෙකි. එවන් මිනිසෙකු වෙනුවෙන් ගොළු වූ මේ කමිටු, සමාජයට විහිළුවක් වුණ කිරිසමන් වැන්නෙකු වෙනුවෙන් යුක්තිය ඉටු කරේ ඇයි?
සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කමිටු පසෙකින් තියමු. කිරිසමන් වෙනුවෙන් පෙනි සිටීමෙන් ඔවුනට කුමක් හෝ ලාබයක් ලැබෙනු නිසා ඔවුන් ඒ මොහොතේ කටයුතු කළ බව සිතමු.නමුත් තව තවත් හාස්‍ය දනවන දේ නම්, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැදිහත් වීමෙන් කිරිසමන් වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වුණා. ඒ සාකච්ඡාවට කිරිසමන්ගේ වචන ගිල ගන්නට තබා තිබුණු මයික්‍රොෆෝන් හිමිකාර චැනල්වල ලෝගො දුටුවිට ලංකාවේ මාධ්‍ය ආයතන කෙරෙහි බොහෝ දෙනෙක් තුළ අසතුට ඇති වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාලිකා බොහෝමයක් ඒ අතර තිබුණා.මාධ්‍ය යනු ජනතාවගේ නියෝජිතයාය. ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මාධ්‍ය කිරිසමන් වෙනුවෙන් කාලය යෙදවුයේ ඇයි? කෙනෙක් ප්‍රශ්න නගන්නට හැකියි, කිරිසමන් ද ඒ ජනතාව අතරින් කෙනෙක් නොවේද කියලා, එහෙම හිතුණු කෙනෙක් වේනම් මෙම ලිපිය මුලසිට යළි කියවා පැමිණ බලනු. මුලදි සේම පවසන්නට ඇත්තේ කිරිසමන් යනු සාක්ෂි ඇති අපරාධකරුවෙකි. ඉතිං, ජනතා අයිතීන් වෙනුවෙන් සිටින කමිටු,රටේ ප්‍රධාන මාධ්‍ය අපරාධකරුවෙකු වෙනුවෙන් කාලය මිඩංගු කරන්නේ ඇයි?ගෝලීය වසංගත තත්ත්වයක් පැන නැගි ඇති මොහොතක රටේ ජනතාව අසරණව දුක් විදිනවා. විදුලි,ගෑස් වැනි අත්‍යාවශ්‍ය වන නොවෙන අර්බුද වලින් ජනතාව බැට කනවා. සෑම අතින්ම මිනිස්සු බැට කද්දි මේ මාධ්‍ය ඒ ගැන සොයා නොබලා බාලාපරාධ කර සිරගත කළ කිරිසමන් වෙනුවෙන් පෙනි සිටීමට දෙවරක් සිතා තිබුණේ නෑ. ජනතාවගේ නියෝජිතයා වෙන මාධ්‍යත් දැන් වීව්ස්, ශෙයාර්ස්,ලයික්,කමෙන්ට් වැඩිපුර බලාපොරොත්තු වෙන අන්තර්ජාල කඩකාරයෝ වී හමාරයි. මේ දේවල් වලින් එය තව දුරටත් පැහැදිලිවම පෙනේ.
කිරිසමන්ගේ මේ සිදුවීම තුළ දි මාධ්‍ය හැසිරුණු ආකාරය නිසා මාධ්‍ය කෙරෙහි ජනතාව තුළ තිබු පැහැදීම නැවතත් අහිමිවී යාමට හේතුවක් වුණා.ඉතිං, ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දගන්න බෑ කියන්නා වගේ මින් පසුවවත් ජනතා අප්‍රසාදයට ලක් නොවි ඉන්නට මාධ්‍ය ක්‍රියාකළ යුතුම වෙනු ඇත.