― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාගම වෛද්‍ය පීඨ සිසුන්ට නේවාසිකාගාරයේදී ප්‍රහාරයක්

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට නේවාසිකාගාරයේදී ප්‍රහාරයක්

අද (02) අලුයම කිසියම් පිරිසක් කළ පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් තිදෙනෙකු රාගම රෝහලේ සහ එක් අයෙකු මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

රාගම වෛද්‍ය පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් එලෙස පහරකෑමට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.