31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසත් මහලෙන් වැටි මියගිය සිසුවාගේ ශරීරයේ අයිස්

සත් මහලෙන් වැටි මියගිය සිසුවාගේ ශරීරයේ අයිස්

පසුගිය 29 වන දා බම්බලපිටිය – ක්‍රෙට්සර් පෙදෙසේ සත් මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් බිමට ඇඳ වැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

එම නිවාස සංකීර්ණයේ 5 වන මහලේ නිවසක මෙම සිසුවා හා දෙමවුපියන් ජීවත්ව සිට ඇති බව සඳහන් වේ.

විමර්ශන සඳහා අදාළ ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී. දර්ශන ද යොදා ගත් අතර එහි සටහන්ව තිබුණේ සිසුවා ත්‍රිරෝද රථයකින් එහි පැමිණීම සහ පසුව ඉහළ මාලයෙන් වැටෙන දර්ශනය පමණයි.

ඊට පෙර මෙම සිසුවා සිය මවට දුරසිසුවාගේ ශරීරයේ මෙතම්ෆෙටමින් හෙවත් අයිස් ශරීර ගත වී ඇතිකථන ඇමතුමක් ද ලබාගෙන තිබූ බවත් සිසුවා පැමිණෙන විට මව නිවසේ සිට නොමැති අතර ඇය ආගමික කටයුත්තක් සඳහා නිවසින් පිටතට ගොස් සිටි බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණ වී ඇත්තේ සිසුවාගේ ශරීරයේ මෙතම්ෆෙටමින් හෙවත් අයිස් ශරීර ගත වී ඇති බව ය.