රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000ක් නීතිවිරෝධීව ඩුබායි බලා පිටත් කිරීමට තැත්කළ පුද්ගලයන් 02ක් අද (02) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි බලා යාමට සූදානම් වූ මෙම පුද්ගලයන් දෙදෙනාගේ ගමන් මලුවල සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගත් බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් කළේය.