28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය විෂවීමෙන් 16ක් ජීවිතක්ෂයට

මත්ද්‍රව්‍ය විෂවීමෙන් 16ක් ජීවිතක්ෂයට

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී පුද්ගලයන් 16 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටි පුද්ගලයන් පිරිසකි.

මෙම පිරිස කොකේන් මත්ද්‍රව්‍ය පානය කර ඇති අතර එයට විෂ සහිත ද්‍රව්‍යයක් මිශ්‍ර වී ඇති බවට එරට බලධාරීන් සැකපළ කරයි.

මියගොස් ඇති පිරිසට අමතරව තවත් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය පැය 24 තුළදී මිලදී ගෙන මේ වනවිටත් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයන් වේ නම්, ඒවා බැහැර කරන ලෙසට එරට බලධාරීන් ඉල්ලීමක් කර ඇති බව ද පවසේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.