― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරොයින් කිලෝ 200ක් නාවික හමුදා බාරයට

හොරොයින් කිලෝ 200ක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදු කළ මෙහෙයුමකින් හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

2022 ජනවාරි 26 වැනිදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් සැකක‍ටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමා ඇති අතර නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩවී සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද (03) කොළඹ වරාය වෙත රැගෙන එන ලදී.

මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ගෙන ඒමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දැරූ ප්‍රයත්නය සාර්ථකව වළක්වා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.

DCIM\100MOHOC