30 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියට අරුන්දිකගේ පුත්‍රයා අත්අඩංගුවට

වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියට අරුන්දිකගේ පුත්‍රයා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා අද (03)අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නීතිඥවරයෙකු සමග අද අලුයම රාගම පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේදී පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු දංකොටුව වලව්වත්තේ පදිංචි (23) හැවිරිදි තරුණයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පස් දෙනෙකු අද දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත. සැකකරුද අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.