28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට ජනාධිපති සමාව ලැබෙන්නේ කාටද?

හෙට ජනාධිපති සමාව ලැබෙන්නේ කාටද?

හෙටට (04) යෙදෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

ඒ අනුව බන්ධනාගාර 07ක සිටින සිරකරුවන් 197 දෙනෙකුට එලෙස ජනාධිපති සමාව හිමිව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක් සහ වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් සඳහා එලෙස විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබේ.