30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාගම වෛද්‍ය පීඨයෙන් තවත් හෙළිදරවුවක්

රාගම වෛද්‍ය පීඨයෙන් තවත් හෙළිදරවුවක්

රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම පිරිසක් කඩාවැදී පහරදීමක් සිදුකර තිබුණා. එහිදී,වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් එහි සිව්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වෛද්‍ය පීඨය තුළ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පිටතින් පැමිණි පිරිසක් එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.