රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම පිරිසක් කඩාවැදී පහරදීමක් සිදුකර තිබුණා. එහිදී,වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් එහි සිව්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
වෛද්‍ය පීඨය තුළ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පිටතින් පැමිණි පිරිසක් එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.