30 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපයාගල වෙරළෙන් පුද්ගල මළ සිරුරක්

පයාගල වෙරළෙන් පුද්ගල මළ සිරුරක්

වැලමිට සහ පපුවේ තැලීම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන පයාගල මුහුදු වෙරළට ගොඩගසා ඇති බව පයාගල පොලිසිය පවසයි.

පයාගල, දළුවත්ත, ප්‍රගති මාවත අවසානයේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අසල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක පළ කෙරේ. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා පරික්ෂා කිරීමෙන් අනතුරුව පොලිසියට උපදෙස් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.