31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආර්ථික අර්බුදයට හේතුව විදෙස් රටවලින් අධික ලෙස ණය ගැනීමයි

ආර්ථික අර්බුදයට හේතුව විදෙස් රටවලින් අධික ලෙස ණය ගැනීමයි

මෙරට පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොව විදෙස් රටවලින් අධික ලෙස ණය ලබා ගැනීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඊයේ (06) ‘කර්මාන්ත 2022’ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනයට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ආණ්ඩුවට මේ මොහොතේ රුපියල් නෑ. රටට ඩොලර් නෑ. මේ තත්ත්වය කොවිඩ් නිසා ඇතිවූ තත්ත්වයක් නෙවෙයි. මෙය කොවිඩ් වසංගතය අවසන් වුවත් අවසන් නොවන ප්‍රශ්නයක් හැටියටයි මං දකින්නේ.

ශ්‍රී ලංකාව 1955 සිටම ආණ්ඩුව ආදායමට වඩා වියදම් කර තිබෙනවා. මෙම වියදම් පියවා ගැනීම සඳහා ආදායම් උත්පාදනය නොකර වියදම් පියවාගැනීම සිදු නොකර දිගින් දිගටම ණය ගැනීම නිසා මේ වනවිට රුපියල් ණය ලබා ගත නොහැකි තැනට ආණ්ඩුව සිරවී තිබෙනවා.

මෙම ණය පොලී සමග නැවත ගෙවීමට සිදුවීමේදී පවතින අර්බුද වැඩි වෙනවා මිසක් කිසි ලෙසකින් අඩු වීමක් වෙන්නේ නැහැ. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපි පියවර පහක් අනුගමනය කළ යුතුයි. එය ප්‍රශ්නයක් පවතින බව පිළිගැනීම, මෙන්ම එය ණය උගුල නිසා සිදුවූවක් බව පිලිගැනීම, වගේම ජනතාවට බොරු කීම වෙනුවට සත්‍ය පැවසීමත්, කාල වකවානු අනුව මේ තත්ත්වයෙන් රට ගොඩ ඒමේ වැඩපිළිවෙළ ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එම වැඩපිළිවෙළ ආදර්ශයෙන් රටේ නායකයින් ජනතාවට කැපකිරීම් සිදුකරමින් පෙන්වා දිය යුතුයි.