― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉදිරි වසර දෙකේ රැකියා දෙන්නෑ

ඉදිරි වසර දෙකේ රැකියා දෙන්නෑ

ඉදිරි දෙවසර තුළ රැකියා ලබා දීමට ක්‍රමයක් නොමැති බවත් මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා චක්‍රෙල්කයක් නිකුත් කර රැකියා සීමා කර තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය. ඊයේ (06) බෙලිඅත්තේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“තිස්සමහාරාම ආසනය සංචාරක ව්‍යාපාරයට විශේෂ අවධානයක් යොමුකරලා තියෙන්නේ. අපි දන්නවා තංගල්ලටත් වෙනදා වගේ සංචාරකයො දැන් එන්නැහැ. තංගල්ලට සංචාරකයෝ එනවා කියන්නේ හයිවේ එකෙන් බැහැලා සිටිනමලුව, බෙලිඅත්ත, පහුකරගෙන යන්න ඔීන. මේ පැතිවලටත් ඒකෙ ලාභ එන විදියට අපි වැඩපිළිවෙලක් හදනවා. ඒ වැඩපිළිවෙල අපි දැන් හදාගෙන යනවා. ඒ තුළින් අපට විශේෂ ආර්ථික ලාභයක් ලබාගන්න හැකිවෙීවි. සිටිනමලුව කොට්ඨාසයේ කාපට් කරන්න පාරවල් තියෙන්නෙ කිහිපයයි. ඒ ටිකත් හදලා දෙන්නම්.

ඉස්කෝලේ ප්‍රශ්නය අපි සාකච්ඡා කරලා විසඳගමු. අනෙක් ප්‍රශ්න ටිකත් අපි ක්‍රමානුකූලව විසඳාගමු. ජපන් මහත්තයෙක් ඇවිල්ල හම්බන්තොට ෆැක්ට්‍රිය දාන්න හැදුවෙ. අපේ හාදයෙක් කියල පෙබරවාරි අඩු මාසයක් ඒ මාසෙ ලංකාවෙ වැඩ කරන්නෑ කියලා. ඒ නිසා ඒ වැඩකටයුතු මාර්තු මාසයට ගියා. අපට පුළුවන් මාර්තු මාසයේ මුල්ගල් ටික තියන්න. සිමෙන්ති කර්මාන්ත ශාලාව අපි විවෘත කරනව මාර්තු මාසයේ.

පවතින ආර්ථික පසුබිමත් එක්ක අපි මේ හැම ආධාරයක්ම, ණයක්ම, ආයෝජකයක්ම, සංවර්ධන කටයුත්තක්ම, සහනාධාරයක්ම දෙන්නෙ විශාල අභියෝගයන් එක්ක. කොවිඩ් 19 එක්ක රටෙී ආර්ථිකය අඩුවෙලා. එහෙම තියෙද්දිත් තමයි අපි රටේ සංවර්ධන කටයුතු ඉහළ නංවාගෙන යන්නෙ.