26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඊශ්‍රායලයෙන් මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්

ඊශ්‍රායලයෙන් මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව සඳහා වන ඊශ්‍රායල නියෝජිතායනය හරහා (MASHAV) ඊශ්‍රායල රජය විසින් වෙන්ටිලේටර යන්ත්‍ර, පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPEs) සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර තිබේ.

කොළඹ විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති උත්සවයකදී ඊශ්‍රායල තානාපති නඕර් ගිලොන් විසින් මෙම පරිත්‍යාගය භාර දෙනු ලැබිණ.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර මිත්‍රත්වය සහ සහයෝගිතාවය පිළිබඳ සමීප සබඳතා පවතින අතර කොවිඩ් – 19 වසංගතය ව්‍යාප්තියේ සිටම ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට ආධාර ප්‍රදානය කොට තිබේ.