සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටියේ අමල් නොහොත් ‘පරිප්පුවා’ නැමැත්තාගේ සාමාජිකයින් 04ක් තියුණු ආයුධ සමඟ කැලණිතිස්ස, වේරගොඩ ප්රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ.
අදාළ සැකකරුවන් සිව්දෙනා අතර ‘ඉන්නම්බි’ නමැති අපරාධකරුද සිටින බව පොලීසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතරක්, උල්පිහි දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර ‘පරිප්පුවා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සමඟ කිසියම් අපරාධයකට යමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව වේරගොඩ ප්රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.
එම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම කණ්ඩායම මෙහෙයවූ බව කියන ‘පරිප්පුවා’ නැමති සංවිධානාත්මක අපරාධකරු පළාගොස් තිබේ. ‘පරිප්පුවා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු මිනීමැරුම්, මුදල් බලෙන් ලබාගැනීම් සහ කොල්ලකෑම් රැසකට චෝදනා ලැබූවෙක් වන අතර ඔහුට එරෙහිව නඩු ගණනාවක් අධිකරණ කීපයක විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.