23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව රැස්වීමට කාරක සභාව තීරණය කළ බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අනුව හෙට (08) සිට සිකුරාදා (11) දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර හෙට දිනයේ 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග 02ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ලලිත් ඇතුලත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමද සිදුකිරීමට නියමිතය.

එමෙන්ම මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන 02ක්ද හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ අනුව අරමුදලේ සාමාජිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කළ අග්‍රවිනිශ්චකාරවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකණ විසිනුරුවරයෙකු හෝ විශ්‍රාමික විගණකාධිපතියරයෙකු පත් කිරීමට සංශෝධන ඉදිරිපත් වෙනු ඇත.

එසේම අරමුදලේ සාමාජිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කල විෂය භාර අමාත්‍යවරයා වෙනුවට ඔහු විසින් පත් කරනු ලබන නියෝජිතයෙකු එම සාමාජික ධූරය දැරීම සඳහා පත් කිරීමටද හෙට ඉදිරිපත් කරනු ලබන සංශෝධනයෙන් බලාපොරොත්තු වෙයි.

තවද අනිද්දා (09) සහ 10 වන දින අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මෙන්ම පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරිමේ) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විවාද කර 10 වන දා සම්මත කරගැනීමට නියමිත අතර 11 වැනි දින හිටපු පා.ම. ගරු මංගල සමරවීර මහතාගේ අභාවය ගැන ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත.