26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොදු ප්‍රවාහනයේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි

පොදු ප්‍රවාහනයේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි

පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරිමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“සෞඛ්‍ය අංශයෙන් යම් චක්‍රලේඛයක් හෝ දැනුවත් කිරීමක් කරනවා නම්, පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ එන්නත් තුනම ලබාගත් අය පමණයි කියලා ඒකට අපිට අනුගත වෙන්න සිද්ධවෙනවා. මොකද මේක වසංගත තත්ත්වයක්. ඒ තත්ත්වය පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ අනුව ඒ අය අපිට දෙනවා නම් උපදෙසක් මේ අය පමණයි පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ කියලා ඒකකට අපිිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව අපි ලිඛිතව දැනුම්දීමක් කරලා නෑ. නමුත් ඔය කියන විදියට චක්‍රලේඛ නිකුත් කරලා ලිඛිතව අපිව දැනුවත් කරයි. ඒ වෙද්දි පෞද්ගලික, ලංගම හා දුම්රිය දැන්වත් කරලා එන්නත් කාඩ්පත් පරීක්ෂා කරන්න කියන උපදෙස දෙන්න පුළුවන්.”