28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව තහනම් කෙරේ

සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව තහනම් කෙරේ

ශීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දුනීසියාව එරටට සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපයේදී ඉන්දුනීසියාවේ ඔමික්‍රොන් වෛරස ව්‍යාප්තිය ඉහළ ගිය අතර අග්නිදිග ආසියානු රටවල්වල වැඩිම වෛරස ව්‍යාප්තිය ඇති රටවල්වලින් එකක් ලෙස ඉන්දුනීසියාව සලකනු ලබයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජකර්තා ගුවන්තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර ඇත. රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස ව්‍යාප්තිය මන්දගාමී කිරීමේ උත්සාහයක් ලෙස එම පියවර ගෙන තිබේ.

ඊයේ (06) ආසාදිතයින් 36000ක් ජකර්තා අගනුවරින් පමණක් වාර්තා වී ඇති අතර එය අතිශය බරපතල තත්ත්වයක් බවත් මේ වනවිට එරට රෝහල් පද්ධතියෙන් සියයට 65ක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තත්ත්වය එසේ තිබියදීත් රෝහල් ධාරිතාව එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.