ලංකා IOC සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දමා ඇත.
මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා IOC ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක් වේ.
එමෙන්ම ඩීසල් ලීටරයක්ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124ක් ලෙස දැක්වේ.