27.2 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕෂලගෙන් එජා මානව හිමිකම් කොමසාරිස්ට ලිපියක්

ඕෂලගෙන් එජා මානව හිමිකම් කොමසාරිස්ට ලිපියක්

බොරැල්ල දේවස්ථානයක තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තම පියා හමුවීමට නීතිඥවරුන්ට තවමත් අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඕෂල හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මියට ලිපියක් යොමු කර තිබේ.

ඔහු එම ලිපියෙන් මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීමට මැදිහත්වන ලෙසයි.

මෙම ලිපියෙන් ඕෂල හේරත් පෙන්වා දෙන්නේ ජනවාරි මස 17 වැනිදා, 75 හැවිරිදි තම පියා, සහෝදරිය, බිරිඳ සහ දරුවා නිවසේ සිටින අවස්ථාවේදී පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා කණ්ඩායමක් නිවසට කඩා වැදුණු බවයි.

එම කණ්ඩායම නිවසේ සිටි පිරිසගේ සන්නිවේදන උපකරණ ඔවුන් භාරයට ගෙන 75 හැවිරිදි පියා රැගෙන ගිය බව ඕෂල හේරත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට යැවූ ලිපියේ දැක්වෙන්නේ තම පියා අදාළ බෝම්බ සිද්ධියට අදාළව පාපොච්චාරණයක් කළ බව පොලිසිය මාධ්‍යට පැවසුව ද ඔහු රැගෙන ගිය මොහොතේ සිට මෙතෙක් නිශ්චිත තොරතුරක් තමන්ට නොලැබුණු බවයි.