29 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෝ බයිඩන්ගෙන් රුසියාවට රතු නිවේදනයක්

ජෝ බයිඩන්ගෙන් රුසියාවට රතු නිවේදනයක්

යුක්‍රේනය අක්‍රමණය කළ හොත් රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන නෝඩ් ස්ට්‍රීම් ටූ ගෑස් නළ මාර්ගය වසා දමන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු අඟවා තිබේ.

නව ජර්මානු චාන්සලර්රිය වන ඔලෆ් ස්කොල්ස් සමග වොෂින්ටන් නුවරදී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කර ඇත. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මොස්කව් නුවරදී හමුවීමෙන් පසුව අමෙරිකාව හා ජර්මනිය මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහා යුද්ධයක් වැළැක්වීමට හැකි වේයැයි තමන් විශ්වාස කරන බවයි. රුසියාව මේ වන විටත් යුක්‍රේන දේශසීමාවේ සිය හමුදා භටයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ස්ථානගතකර තිබේ.

පසුගියදා අමෙරිකාව ප්‍රකාශ කළේ, පූර්ණ ආක්‍රමණයකට අවශ්‍ය හමුදා භටයින්ගෙන් 70%ක ප්‍රතිශතයක් රුසියාව රැස්කර ඇති බවයි.