29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගුරුවරු පිරිසකට 5000 දීමනාවට අනුමැතිය

තවත් ගුරුවරු පිරිසකට 5000 දීමනාවට අනුමැතිය

පරිවේණාචාර්ය, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට හා රජයේ අනුමත උපකෘත විශේෂ පාසල්වල ගුරුවරුන්ට රුපියල් 5000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනිය. යම් යම් දත්ත නොලැබීමේ අඩුපාඩු හේතුවෙන් මෙම පාර්ශ්ව වෙත රුපියල් 5000 දීමනාව හිමි නොවුණ බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව ගුරු විදුහල්පති සේවාවන්හි විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016(IV)හි විධිවිධාන ඉහත සඳහන් කාණ්ඩ වෙත වලංගුය.