― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපන්සල්කන්දේ පස් කැණීම් බලපත්‍ර තාවකාලිකව අවලංගු කෙරේ

පන්සල්කන්දේ පස් කැණීම් බලපත්‍ර තාවකාලිකව අවලංගු කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව, ගල්මැටියාව පන්සල්කන්ද පස් කැණීම් බලපත්‍ර තාවකාලිකව අවලංගු කරන ලෙස ඊයේ (07) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

එම තහනම් නියෝගය අද (08) නිකුත් කිරීමට නියමිතය. පන්සල්කන්ද ආශ්‍රිතව සිදු කෙරෙන දැවැන්ත පස් ජාවාරම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති අතර එම කන්ද කපා දැමීම නිසා ළිං, ඇළදොළ පවා ජලය සිඳී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

ඒ අනුව පන්සල්කන්ද ආශ්‍රිතව පස් කැණීම සඳහා ලබා දී තිබු බලපත් වහාම තාවකාලිකව අවලංගු කිරීමටත්, මේ සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් ආරම්භ කිරීම හා සතියක් තුළ ඊට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා නියෝග කර ඇත.

එමෙන්ම මෙම පාරිසරික විනාශය පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් කණ්ඩායමක් යොදවා විමර්ශනයක් සිදු කරන ලෙස ද ඇමැතිවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන සිල්වා මහතාට දැනුම් දුන්නේය.

පන්සල්කන්ද ආශ්‍රිතව පස් කැණීම මඟින් සිදුව ඇති පාරිසරික විනාශය සම්බන්ධව විමර්ශණ වාර්තාව තමන්ට ලැබුනු පස් එහි නිර්දේශ අනුව පන්සල්කන්ද කැණීම් බලපත්‍ර මුළුමනින්ම තහනම් කරන්නේද යන්න සම්බන්ධව අවධානය යොමු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.