30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙල්ජියමෙන් ආ අමුතු පාර්සලය ගැන පරීක්ෂණයක්

බෙල්ජියමෙන් ආ අමුතු පාර්සලය ගැන පරීක්ෂණයක්

බෙල්ජියමෙන් මෙරටට එවූ සැකකටයුතු පාර්සලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෙට (09) පෙරවරුවේ විවෘත කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම සැකකටයුතු පාර්සලය විවෘත කරනු ලබන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුවය.

මෙම පාර්සලය බෙල්ජියමේ සිට මෙරට ව්‍යාජ ලිපිනයකට එවා ඇති බවත් එහි මත්පෙති අඩංගුවට ඇති බවට අනුමාන කළ හැකි බවත් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අධිකරණයෙන් ලද නියෝග අනුව මෙම සැකකටයුතු පාර්සලය මධ්‍යම තැපැල් හුවමාරුවේ රදවා තබාගෙන ඇති බවත් ඒ අනුව එය හෙට (09) පෙරවරුවේ විවාත කිරීමට නියමිතය.