― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහපොළ අරමුදලේ සංශෝධන දෙකක් අද පාර්ලිමේන්තුවට

මහපොළ අරමුදලේ සංශෝධන දෙකක් අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වීමට නියමිතය.

මේ අනුව අද (08) ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග දෙකක් හා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සිදුකෙරේ.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන දෙකක් අද ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අගවිනිසුරුවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු පත් කිරීමට නියමිතය.

එමෙන්ම එම අරමුදලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ විෂයභාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත් කරන නියෝජිතයෙකු එම සාමාජික ධුරය දැරීම සඳහා වන සංශෝධනයක්ද අද ඉදිරිපත් කරන සංශෝධන අතරට ඇතුළත් වේ.