29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව ඉල්ලා අස් කරන්නැයි අධිකරණය දන්වයි

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව ඉල්ලා අස් කරන්නැයි අධිකරණය දන්වයි

ක්‍රීඩා භාණ්ඩ ආනයනයේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (08) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී චෝදනා සංශෝධනය කිරීම එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තුන්දෙනාගේ සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුමකින් තොරව සිදුවී ඇති බව අධිකරණය හමුවේදී ප්‍රකාශ විය.

2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් එය ඉල්ලා අස්කර ගන්නා ලෙස විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනියට දැනුම් දුන් අතර විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ලියවිල්ල අධ්‍යයනය කර ඒ පිළිබදව දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.

මෙම නඩුව ලබන ලබන 25 වැනිදා යළි කැදවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.