32.8 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුව රත්‍රං ටොන් එකහමාරක් විකුණයි

මහ බැංකුව රත්‍රං ටොන් එකහමාරක් විකුණයි

සමස්ත විදේශ සංචිතවල පහත වැටීමක් හමුවේ ඉකුත් ජනවාරි මාසයේදී සිය රන් සංචිතයේ තවත් කොටසක් විකුණා දැමීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

මහ බැංකුවේ රන් සංචිතය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 175 සිට 2022 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 92 දක්වා අඩු වී ඇති අතර 2021 දෙසැම්බර් මාසයේදී මෙම රත්‍රන් ශ්‍රී ලංකාව විසින් අලෙවි කර ඇත.

2021 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ රත්‍රන් ටොන් 3.1ක් පමණ තිබී ඇතැයි ගණන් බලා ඇති අතර නවතම අලෙවියෙන් රත්‍රං තොග ටොන් 1.6ක් දක්වා අඩු වී ඇතැයි ගණන් බලා ඇත.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එකළ ප්‍රකාශ කළේ විකුණුම් සමස්ත සංචිත පහත වැටීම නිසා ද්‍රවශීල වත්කම් ඉහළ යනු ඇති බවයි.