― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට පදිංචියට යන්න ඉන්න අයට සුබ ආරංචියක්

රට පදිංචියට යන්න ඉන්න අයට සුබ ආරංචියක්

බහරේන් රාජ්‍යය විවිධ දක්ෂතා සහිත පුද්ගලයින්ට සහ ආයෝජකයින්ට තම රට තුළ ස්ථීර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සඳහා නව ‘ස්ථීර පදිංචි වීසා බලපත්‍රයක්’ නිකුත්කරන බවත් එමගින් තම රටට අවශ්‍ය විශේෂඥ ශ්‍රමය සහ ආයෝජන ඇද ගැනීමට අවස්ථාව ලැබෙන බවත් එරට බලධාරීන් අවධාරණය කරයි. එරට සේවය කිරීම සඳහා පැමිණෙන විදෙස් ජාතිකයින් සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ වාර්ෂිකව රැකියා වීසා කාලය දීර්ඝ කිරීමය. එමගින් ඔවුන් එරට තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීම පාලනය කෙරිණි.

නව ක්‍රමවේදය ‘Golden Residency Visa’ ලෙස නම්කර තිබේ. එමගින් බහරේනය තුළ රැකියා කිරීමට අවසරය, අවශ්‍ය විට නැවත පිටවීමට සහ ඇතුළුවීමට අවසර, සහ පවුලේ සාමාජිකයින් ට එරට වාසය කිරීමේ අවස්ථාව ඉන් සැලසෙයි. “මෙම වීසා ක්‍රමවේදයේ අරමුණ ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ ඇති දක්ෂ පුද්ගලයින් මෙරටට ගෙන්වා ගෙන එමගින් බහරේන් ආර්ථිකය සාර්ථක කර ගැනීම,” ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

එම වීසා සඳහා සුදුසුකම් ලැබීමට නම් එම පුද්ගලයා වසර 5ක් එරට වාසය කර තිබිය යුතු අතර මාසික වැටුප බහරේන් ඩිනාර් 2,000ක් (ඩොලර් 5,306) විය යුතුය.