― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවැඩ තහනමට ලක්වෙන බන්ධනාගාර නිලධාරීන්ට වැඩ වරදියි

වැඩ තහනමට ලක්වෙන බන්ධනාගාර නිලධාරීන්ට වැඩ වරදියි

විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරීම හෝ පහර දීම සිදුකිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වන නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම පරීක්ෂණ අවසන් වන තුරු සිදුනොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

වැඩ තහනමට ලක්වන නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂණයන් සහ අධිකරණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීම පිළිබඳ සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ සහ සිරකරුවන්ට වද හිංසා හා පහර දීම් සම්බන්ධයෙන් නිලධාරීන් වරදකරුවන් වන්නේනම් ඔවුන් සේවයෙන් පහකිරීමට හෝ දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම අධිකාරීවරුන් වෙත දන්වා නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඊට සමගාමීව සියලු බන්ධනාගාරවලට ගොස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව බන්ධනාගාර රැඳවුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නීති විරෝධී කටයුතු පිළිබඳ දැනුම්දීමට 0112 678 600 යන විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබේ.