29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 40 පනියි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 40 පනියි

ඊයේ (08) වනවිට ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් කෝටි 40 ඉක්මවා ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

විශ්වවිද්‍යාලයේ දත්ත සටහනට අනුව ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව අද (09) පෙරවරුව වනවිට 400,418,441ක් වූ අතර ලොව පුරා මරණ 5,762,518ක් ලෙස සටහන් වී තිබේ.

එක්සත් ජනපදය විසින් ආසාදිතයන් 77,051,222ක් සහ මරණ 908,816ක් වාර්තා කර ඇති අතර එය ලොව පුරා වැඩිම සංඛ්‍යාව වූයේ ගෝලීය ආසාදිතයන්ගෙන් 19%කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ගෝලීය මරණවලින් 15%කට වඩා වැඩි ප්‍රමාණයක් ලෙසිනි.

ඉන්දියාව ලොව දෙවැනි විශාලතම ආසාදිතයන් සංඛ්‍යාව 42,339,611ක් වාර්තා කර ඇති අතර, බ්‍රසීලයෙන් ආසාදිතයන් 26,793,497ක් මෙන්ම, ලොව දෙවැනි විශාලතම මරණ සංඛ්‍යාව 634,118ක් ලෙසද වාර්තා වේ.

මිලියන 12කට වඩා වැඩි ආසාදිතයන් සිටින රටවවල් අතරට ප්‍රංශය, බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුර්කියද ඇතුළත් වන අතර, 200,000කට අධික මරණ සංඛ්‍යාවක් ඇති අනෙකුත් රටවලට ඉන්දියාව, රුසියාව, මෙක්සිකෝව සහ පේරු ඇතුළත් වේ.