― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතැපැල් සේවකයින් 1,600කගේ හිඟයක්

තැපැල් සේවකයින් 1,600කගේ හිඟයක්

තැපැල් දෙපාර්තමේන්තුව තුළ ස්ථානාධිපතිවරුන්ගේ සහ සාමාන්‍ය තැපැල් සේවකයින් 1,600කගේ පමණ හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් විශාල තැපැල් කාර්යාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් මතුව තිබෙන බවත් තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

සමස්ත කාර්යමණ්ඩලය 6,000කට ආසන්නව සිටිය යුතු වුවත් වර්තමානයේ එම සංඛ්‍යාව 4,000ක් පමණ වන අතර 2018 වසරේ සිට සේවකයන් බඳවාගැනීමට අවසර ඉල්ලා තිබුණද මෙතෙක් ඊට රජයේ පාර්ශවයෙන් අනුමැතිය හිමිවී නොමැත.

එම හිඟයට තාවකාලික පිළියමක් ලෙස තැපැල් විශ්‍රාමික නිලධාරීන් 500 ක් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට යෝජනා වුවද එයද ක්‍රියාත්මක වී නැත. මේ වන විට බොරැල්ල තැපැල් කාර්යාලයේ සේවකයන් 35ක් සිටිය යුතු වුවද වර්තමානයේ සේවකයන් 7කින් එහි කටයුතු පවත්වාගෙන යයි.

මෙවැනි තත්වයක් හමුවේ මෙම වසර තුළ රුපියල් කෝටි 900ක ආදායමක් ඉපයිය යුතු බවට වන ඉලක්කය සම්පුර්ණ කිරීම ගැටලු සහගත තත්ත්වයක් බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.