27 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි

පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි

විවාහ රූ රැජිණ කිරුළ දැරූ පුෂ්පිකා ද සිල්වාගේ ‘ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ’ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතලප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා හට විවාහක රූ රැජිණ නාමය භාවිත කිරීම වාරණය කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

2021 වසරේ අප්‍රේල් මස 4 වැනිදා පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙසට කිරුළු පැළදීය. එම අවස්ථාවේදීත් කිරුළ සම්බන්ධයෙන් බරපතල අර්බුදකාරී තත්වයක් ගොඩනැගුනු අතර එම අවස්ථාවේ මතු වූ ගැටළුකාරී තත්වය හේතුවෙන් පසුව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සහ ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි හට එම කිරුළ අත්හැරීමට පවා සිදුවිය.