29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහබැංකු අධිපතිගෙන් හතරබීරි කතාවක්

මහබැංකු අධිපතිගෙන් හතරබීරි කතාවක්

රට තුළ ඩොලර් හිඟයක් නොමැති බවත් ආනයනයන් ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් තිබෙන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඊයේ (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති වැඩසටහනකදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා,

“අපේ රට තුළ ඩොලර් හිඟයක් නැහැ. එහෙම ඩොලර් හිඟයක් තිබ්බා නම් 2021දී අමෙරිකානු ඩොලර් බිලියන 22ක භාණ්ඩ ආනයනය කළේ කොහොමද කියල මං අහන්න කැමතියි. පසුගිය මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2ක භාණ්ඩ මෙරටට ආනයනය කරලා තියෙනවා.

ඩොලර් හිඟයක් ඇතිවී තිබෙන්නේ ඩොලර් නොමැතිකම නිසා නෙවෙයි. ඩොලර් සඳහා අධික ඉල්ලුමක් පැවතීම නිසා තමයි ඩොලර් හිඟයක් ඇතිවී තිබෙන්නේ. අපි ඒ සඳහා කළ යුත්තේ ඩොලර් උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග සහ ක්‍රමවේද සොයා ගැනීමයි.

ඩොලර් සඳහා ඉල්ලුමක් පැවතීම නරක දෙයක් නෙවෙයි. ඒකට අප්ය් කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීම නෙවෙයි ඩොලර් උපයන විකල්ප මාර්ග සකසා ගැනීමයි.”