25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරංජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට කණේ පහරක්

රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට කණේ පහරක්

ජනතාවට ලයිට් නිවන්න කියන වෙලේ මැති ඇමතිවරුන්ගේ නිවෙස්වල සියලු ලයිට් නිවිය යුතු බවත් තව ටික දවසකින් ආණ්ඩුව ජනතාවට නොකා ඉන්නත් කියාත් කියන්න බැරි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

විදුලිය සහ ආහාර ලබා දීමට ආණ්ඩුවට නොහැකි නම් ආණ්ඩුවේ නොහැකියාව ප්‍රකාශ කර එළියට බැසිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. නිවාසවල විදුලි පහන් නිවා දැමීමට ප්‍රකාශ ලබා දෙන ඇමැතිවරුන්ට මහ පාරේ දැල්වෙන වීදි ලාම්පුවල එළිය නොපෙනෙන්නේ දැයි මහ ලේකම්වරයා ප්‍රශ්න කරයි.