26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට නැවත Lockdown කරන්න වෙයිද?

රට නැවත Lockdown කරන්න වෙයිද?

සීඝ්‍ර ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

රට විවෘත කර තිබෙන අවස්ථාවකදී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා නැවතත් අවදානමක් ඇති වීම වළක්වා ගත හැකි බව වෛද්‍ය හේමන්ත හේ‍රත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මින් පෙර අවස්ථාවලදී මිලියන ගණන්වලින් ලැබුණු පරීක්ෂණ කට්ටල අද වන විට පහළ මට්ටමකට පැමිණ ඇති බවත් මේ මොහොත සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හිඟයකින් තොරව මෙරට තුළ පවතින බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

එන්නත් ලබා නොගත් බොහෝ පිරිසක් තවමත් සිටින බැවින් කෙසේ හෝ එන්නත් ලබාගැනීම සඳහා සියලු දෙනා උනන්දු කරවිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.