― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅපි කඩේ යන්නේ ආණ්ඩුවට නෙවෙයි ජනතාවට - අභයරාමාධිපති

අපි කඩේ යන්නේ ආණ්ඩුවට නෙවෙයි ජනතාවට – අභයරාමාධිපති

විවිධ පාර්ශ්ව තමන්ට අවලාද නගන්නේ තනිව අරගල කිරීමට ඇති නොහැකියාව නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති, පූජ්‍ය මුරුත්ටේටුවේ ආනන්ද හිමියන් පවසයි.

අවශ්‍ය නම් රවී කුමුදේශ්ගේ කට වසා දැමීමට තමන්ට හැකි බව එහිදී උන්වහන්සේ සඳහන් කරයි.

“අපි අරගලවලට බැස්සොත්, කාගෙවත් උදවු අරගෙන අරගලවලට බහින්නෙ නෑ. අපිට ශක්තිය තියෙනවා අරගල කරන්න. ඔබලට තනියම කරන්න ශක්තියක් නැති නිසා තමයි අනිත් අයට බනින්නෙ. ආවලාද කියන්නේ.

රවී කුමුදේශ් ශ්‍රීමතාණෝ කියලා තිබුණා මම දැක්කා, මගේ කට වහන්න කියලා. අනේ මහත්තයෝ. ජේ. ආර්. ජයවර්ධනට පුළුවන් වුණාද මගේ කට වහන්න. ඉතින් ඔබ වගේ කිරි සප්පයෙකුට පුළුවන්ද මගේ කට වහන්න. එහාට පනිනවා.. මෙහාට පනිනවා.

අපේ දායක පිරිස් මගෙන් අහනවා, රවී කුමුදේශ් එන්නෙ මොන වෙලාවටද කියලා..පිලිගන්න. මට පුළුවන්.. ඕනේ නම් ඔබේ කට වහන්න. නමුත් අපි එතනට එන්නේ නෑ.

දොඩවන්නෙ නැතුව, වාචාලකම් කියන්නෙ නැතුව ඔබේ සටන හරියට ගෙනියන්න. සාධාරණ යමක් ඉල්ලනවා නම් අපිට පුළුවන් දෙයක් කරන්නම්. මේ සටන් කරන්න ඕන වෙලාවක් නෙමෙයි. අපි ආණ්ඩුවට කඩේ යන්නේ නෑ. අපි කඩේ යන්නේ ජනතාවට.”