27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ සිසුන්ට ප්‍රශ්න පත්‍ර නොදුන් ගුරුවරුන් දෙදෙනාගේ වැඩ තහනම්

උසස් පෙළ සිසුන්ට ප්‍රශ්න පත්‍ර නොදුන් ගුරුවරුන් දෙදෙනාගේ වැඩ තහනම්

ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු භාරව සිටි ශාලාධිපතිවරයෙකුගේ සහ සහකාර ශාලාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

අදාළ විභාග මධ්‍යස්ථානයේදී චිත්‍ර විෂයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකුට එම විෂයට අදාළ දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රය ලබානොදීම හේතුවෙන් එම පියවර ගෙන ඇත.

අදාළ විභාග ශාලාව තුළ චිත්‍ර විෂයට පෙනී සිට ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණක් වන අතර එම සිසුන් දෙදෙනා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ තමන්ට අදාළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස විභාග ශාලාවේ සිටි නිලධාරීන් ලබානොදුන් බවයි.

පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් කිරීමෙන් පසු දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන ලෙස විභාග ශාලාවේ සිටි ගුරුවරියකගෙන් ඉල්ලා සිටියද එම ප්‍රශ්න පත්‍රය නොලැබුණු බවට එම සිසුන් දෙදෙනා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.