― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහජන ආරක්ෂාව වෙනුවෙන් නීති යාවත්කාලීන කිරීමට පියවර

මහජන ආරක්ෂාව වෙනුවෙන් නීති යාවත්කාලීන කිරීමට පියවර

රටේ පවතින වර්තමාන තත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් පසුගිය දා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විණි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ ප්‍රධාන විෂය කාරණා හතක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කෙරුණි.

එහිදී අත් අඩංගුවට ගන්නා වූ මත්ද්‍රව්‍ය සාම්පල රඳවාගෙන තොග විනාශ කිරීම අවශ්‍ය නීති සැකසීම සම්බන්ධව විශේෂ අවධානය යොමු විය.

එසේම මත්ද්‍රව්‍ය කුලකය සඳහා අළුතින් එකතු වී ඇති අයිස්, කෘත්‍රිම මත්ද්‍රව්‍ය සම්බන්ධව නීති ප්‍රමාණවත් නොවන නිසා විධිමත් අයුරින් නීති සංශෝධනය කිරීම කෙරෙහි සාකච්ඡාවට ලක් විය.
එසේම වින්දිතයන්ට සිදු විය හැකි අතිරේක හානි වැළැක්වීම සඳහා විශේෂයෙන්ම ළමයින් හා කාන්තාවන්ට සිදු වන අපරාධ සම්බන්ධ නීති කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නීති සැකසීමටද සාකච්ඡා විය.

තම ජීවිත අවධානය නොතකා සිදු කරන මත් ද්‍රව්‍ය වැටලීම් වලදී පොලිස් ත්‍යාග අරමුදලට එක් වන මූල්‍ය ප්‍රතිශතය ඉහල දැමීම, දුරකථන සිම්පත් ලියාපදිංචිය ක්‍රමවත් කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත ශක්තිමත් කරමින් දේපල සම්බන්ධ නව නීති සැකසීමටත් අවධානය යොමු කෙරුණි.