25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණ ක්‍රමය ගැන විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ ක්‍රමය ගැන විශේෂ සාකච්ඡාවක්

මැතිවරණය සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගනිමින් ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

මැතිවරණ ක්‍රමය කුමක් විය යුතුද? යන්න එහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් කොට්ඨාශ හා අනුපාත ප්‍රතිශතයන් කෙසේ විය යුතුද යන්න පිළිබඳවද කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්වී තිබේ.

මෙම විශේෂ කාරක සභාව මේ මස 22 හා 24 යන දිනවල යළිත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ඊට අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් රැස් වූ එම කාරක සභාව සාකච්ඡා කර තිබේ. එහිදී කාන්තා නියෝජනය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇත.