― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමුන්ට හෙන 7ක් විතරක් ගහලා මදි - රෝහිත අබේගුණවර්ධන

මුන්ට හෙන 7ක් විතරක් ගහලා මදි – රෝහිත අබේගුණවර්ධන

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයේ නිරතවන සෞඛ්‍ය සේවකයන්ට හෙන ගැසිය යුතු බවත් ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා වැඩවර්ජන සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්දයෙන් අද (10) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,

“දැන් දින 3ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයක් යනවා. මේ වැඩ වර්ජනය තුළ කවුද දුක් විදින්නේ? අහිංසක මිනිස්සු නොකා නොබී ඇවිල්ලා බෙහෙත් ටික ගන්න නෑ. ලේ කඳුලු අඩන්නේ. අඩලා කියනවා අනේ හෙන 7 ගහනවා මේ වැඩ වර්ජනය කරන අයට කියලා. ඇත්තටම හෙන 7 ගහන්න ඕනී. මේ රට ගෝලීය වසංගතයට මුහුණ දීලා තිබෙන වෙලාවේ ගුරුවරුන්ගේ වර්ජනයක් ඇති වෙලා අවුරුදු 24ක් ආණ්ඩුවලට කරන්න බැරි වුනු වැඩේදී ගුරුවරුන්ට පිළිතුරක් දීපු ගමන් ඒක පදනම් කරගෙන තව කෙනෙක් වැටුප් විෂමතාවයක් කියලා කියනකොට, මේ විදියට යන්න ගියොත් මොකක්ද සිදු වන්නේ? කාවද මොවුන් පළිහක් කරගෙන තිබෙන්නේ? මේ පළිහක් කරගෙන තිබෙන්නේ මේ රටේ අහිංසක රෝගී ජනතාව. රෝහල්වලට ගියාම පුදුම වේදනාවක් ඇතිවෙනවා.

මම දැක්කා මේ පාර්ලිමේන්තුවටත් ඇවිත් ගිය පිරිමි නර්ස්ව. ඔහු යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඔඩොක්කුවේ හිටියේ. ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ කරට අත දාගෙන හිටියේ. එලෙස ඔඩොක්කුවේ නැලවෙන ගමන් කියන්න තිබුනනේ අපිට වැටුප් විශමතාවයක් තිබුණා කියලා. මම කියන්නේ ඔබතුමන්ලා ආණ්ඩු කළත් අපි ආණ්ඩු කළත් මේ රටේ සෞඛ්‍ය සේවාව, මිනිස්සු කීයක් මිය යනවා ඇතිද බෙහෙත් පෙත්තක් බොන්න නැතිව.

මේවට නීති ගේන්න ඕනී. මේවා අත්‍යාවශ්‍ය සේවාවක්. වෘත්තීය සමිති නායකයන්ට අයිතීන් දිනා ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒත් ඒකට ක්‍රමවේදයක් තිබෙන්න ඕනී. වෘත්තීය අයිතිවාසිකම් කියලා මිනිස්සුන්ව මරණවා. මිනිස්සු බෙහෙත් ගන්න බැරිව මැරෙනවා. මේ රටේ ඉන්න සෑම පුද්ගලයෙකුටම පුලුවන්ද පෞද්ගලික රෝහල්වලට ගිහින් බෙහෙත් ගන්න. ගන්න බෑ. අඩු ගානේ තෙතමනයක් නැද්ද මේ මිනිස්සුන්ට.

ඔවුන්ට තිබෙන්නේ වෙන කිසිදෙයක් නෙවෙයි ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. මේ වෙලාවේ උත්සහ කරන්නේ අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න. ඊයේ දවසේ මම දැක්කා එක කාන්තාවක් කියනවා හෙන 7 ගහන්න ඕනී කියලා. හෙන 7ක් නෙවෙයි දහස් සංඛ්‍යාත හෙන ගහන්න ඕනී. මේ වැරැද්ද නිවැරදි වෙන්න ඕනී. මම අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්දයෙන් අවධානය යොමු කරන්න. මේ අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් මේ විදියට කරන්න ගත්තොත් මේ රටේ ජනතාවගේ ආනාගතය ගැන ප්‍රශ්නයක් එනවා. මේ වැරදී දේට කවුරු හරි තීන්දුවක් දෙන්න ඕනි.”