27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය සාෆිගේ පෙත්සමට දින නියම කෙරේ

වෛද්‍ය සාෆිගේ පෙත්සමට දින නියම කෙරේ

අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් දීමනා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ගොනු කළ රිට් පෙත්සම ලබන 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීරණය කළේය.

එම නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.

පෙත්සම සහ ඊට අදාළ ලියකියවිලි තමන්ට පෙර දිනයේ ලැබුණු බැවින් එය අධ්‍යයනයට යම් කාලයක් අවශ්‍ය බව පෙත්සමෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේය.

වඳ සැත්කම් කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ තමන්ට අසත්‍ය චෝදනා එල්ල වූ බවත් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අනිවාර්ය නිවාඩු යවා පසුව නැවත සේවයේ පිහිටවූ බවත් වෛද්‍ය මොහොමඩ් සාෆි ගොනු කළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන්ය.