31.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව සිව්වැනි දිනටත් ක්‍රියාත්මකයි

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව සිව්වැනි දිනටත් ක්‍රියාත්මකයි

හෙද, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18 ක් ආරම්භ කළ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ අතර මේ හේතුවෙන් ඊයේ දිනයේත් දිවයින පුරා රෝහල් කටයුතු අඩාල විය.

ඉන් පීඩාවට පත්වූ‍යේ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගැනිමට ‍රොහල් වෙත පැමිණි ජනතාවයි. මේ අතර හෙද, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනයෙන් අදත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ රජයෙන් තම ඉල්ලිම් සම්බන්‍ධයෙන් සුබවාදි ප්‍රතිචාරයක් නොමැතිවිම ‍හේතුවෙන් වැඩ වර්ජනය තවත් දැඩි කරන බවයි.

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව සිව්වැනි දිනටත් ක්‍රියාත්මකයි