28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද මැතිසබය මංගලට වෙන්වෙයි

අද මැතිසබය මංගලට වෙන්වෙයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනා විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

අද පාර්ලිමේන්තු කාලය සම්පූර්ණයෙන්ම ශෝක යෝජනාව සඳහා වෙන්කර ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් යෝජනාව ඉදිරිපත් කළේය.

අද (11) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමේ ඉල්ලීම පිළිබඳ යළි අවධානයට යොමු කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවීමට තීරණය කළ බවය.

ඊට මැදිහත් වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බැවින් ආංශික අධීක්ෂණ කාරක සභා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි වූ බවයි.