29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධිකරණ ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් වූ නඩු තීන්දුව ගැන හෙළිදරවුවක්

අධිකරණ ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් වූ නඩු තීන්දුව ගැන හෙළිදරවුවක්

පසුගිය යහපාලන සමයේදී ස්වාධීන අධිකරණ පද්ධතියක සිදුවිය නොහැකි ආකාරයේ ක්‍රියාකාරකම් සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

යහපාලන රජය යටතේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු විසින් අධිකරණ විනිශ්චයකාරවරියක් සමග සමීපව කටයුතු කරමින් නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීමට කුමන්ත්‍රණය කළ ආකාරය මුළු රටටම මේ වනවිට හෙළි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

පවතින නඩුවක් සම්බන්ධයෙන් දූරකථන මාර්ගයෙන් තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීම අධිකරණ ඉතිහාසයේ සිදු වූ දරුණු කළු පැල්ලමක් බවද මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් පෙන්වා දෙයි.