― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකැනේඩියානු රජයෙන් ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්

කැනේඩියානු රජයෙන් ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කෙරෙන බඳවා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය අනතුරු ඇඟවීමක් කර තිබේ.

‘2022 වසර සඳහා කැනඩා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම්’ පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන දැන්වීම් අසත්‍ය බව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ මෙම බඳවා ගැනීම් හරහා ක්ෂණික රැකියා බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවට සඳහන් කරමින් ව්‍යාජ නිවේදනය සිදුකර ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

මෙම ප්‍රචාරණය අසත්‍ය බව නැවතත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවට අවවාද කර සිටින්නේ මෙම වංචනිකයින්ගෙන් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙසයි.