― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොවිඩ්වලින් පසු බෝ නොවන රෝග ඇතිවීමේ අවදානමක්

කොවිඩ්වලින් පසු බෝ නොවන රෝග ඇතිවීමේ අවදානමක්

කොවිඩ් වැළඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරු වී ඇති බව අමෙරිකාවේ සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

2020 වසරේ අප්‍රේල් 01 වැනිදාට පෙර කොවිඩ් වැළඳුණු වයස අවුරුදු 65ට වැඩි අමෙරිකානුවන් එක්ලක්ෂ තිස් තුන්දහසකට වැඩි පිරිසක් යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත.

ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු බරපතළ රෝගී තත්ත්වයන් වන හෘදයාබාධ, වකුගඩු රෝග, පෙනහළු ආශ්‍රිත රෝග සහ අක්මාව ආශ්‍රිත රෝග වැනි බෝ නොවන සංකූලතාවන්ට ගොදුරු වන බව එහිදී අනාවරණය වී තිබේ.