― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුවන් යානයක් තුළදී කාන්තාවක් දූෂණය කරලා

ගුවන් යානයක් තුළදී කාන්තාවක් දූෂණය කරලා

එක්සත් ජනපදයේ නිව් ජර්සි සිට ලන්ඩන් දක්වා එක රැයකින් ගමන් කළ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානයක් තුළදී කාන්තාවක් දූෂණය කර තිබේ.

විත්තිකරු සහ කාන්තාව යන දෙදෙනාම ව්‍යාපාරික පන්තියේ ගමන් කර ඇති අතර සෙසු මගීන් රාත්‍රියේ නිදාගෙන සිටිනු දුටු විත්තිකරු බලහත්කාරයෙන් කාන්තාව සමඟ සබඳතාවක් ඇති කර ගෙන තිබේ. කාන්තාවගේ පැමිණිල්ල මත සැකකරු ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු ඇප මත මුදා හැර තිබේ. මෙම සිදුවීම ජනවාරි 31 වැනිදා සිදු වුවත් ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කර ඇත්තේ දැන්ය. ‘නිව් යෝර්ක් පෝස්ට්’ වාර්තාවක් මෙම පුවත තහවුරු කර තිබේ.

40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයා දූෂණය සිදුකරන අතරතුර කාන්තාව හඬනගන්නට උත්සාහ කළත් ඔහු කට වසා ඇති අතර ඇගේ කෙඳිරිවලට ඇහුම්කන් දෙන්නට කිසිවෙකු සිට නැත. සිද්ධිය සිදුවන අවස්ථාවේදී සෙසු මගීන් සුවසේ නිදාගෙන සිට ඇති අතර දූෂණයෙන් අනතුරුව වහා නැගිට ගිය බව කියන කාන්තාව සිද්ධිය පිළිබඳව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දන්වා ඇත.

කාර්ය මණ්ඩලය පොලිසිය අමතා සම්පූර්ණ සිද්ධිය ඔවුන්ට පවසා ඇත. ඉන් අනතුරුව යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළට ගොඩ බැස්වීමත් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. විත්තිකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය මූලික ප්‍රශ්න කිරීම් සිදු කර ගුවන්යානයේ සාක්ෂි එකතු කළේය. එම කාන්තාව සහ විත්තිකරු එකිනෙකා නොහඳුනන්නන්ය. කටඋත්තරයක් ලබා ගැනීමෙන් පසුව පරීක්ෂණ පැවැත්වෙන තුරු සැකකරු ඇප මත මුදා හැර තිබේ. අදාළ කාන්තාවගේ වෛද්‍ය පරීක්‍ෂණයක්ද සිදු කර ඇත.

ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය සිද්ධිය තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.