29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශෂී වීරවංශගේ ව්‍යාජ ගමන් බලපත්‍ර නඩු තීන්දුව මාර්තුවේදී

ශෂී වීරවංශගේ ව්‍යාජ ගමන් බලපත්‍ර නඩු තීන්දුව මාර්තුවේදී

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය වූ ශෂී වීරවංශට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල අද (11) නියම කළේය.

මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි අවසන් වීමෙන් පසු නඩු තීන්දුව ලබාදීම සදහා නඩුව කල් තැබීමට අධිකරණය එසේ තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති අද (11) අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

මෙම නඩුවට අදාළව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.