26.7 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු විස්සයි 20 තරගය අද

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු විස්සයි 20 තරගය අද

තරග 05 කින් සමන්විත ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වීමට නියමිතය.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 .40ට හෙවත් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07.10 ට ආරම්භ වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වන අතර ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ගෙවී ගිය මාස 09ක කාලයකින් පසු ඔස්ට්‍රේලියානු පිල විස්සයි 20 තරගයකට සහභාගී වන පළමු තරගාවලිය වන්නේද අදින් ආරම්භ වන විස්සයි 20 තරගාවලියයි.

තරගාවලියට හොඳ සූදානමකින් මුහුණ දෙන බව ශ්‍රී ලංකා අන්තර්වාර පුහුණුකරු රුමේෂ් රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.