― political ―

රනිල් රට භාර ගත් පසු හොරු නැති කළා – දුමින්ද

ගෑස් පෝලිම්වලට, විදුලි කප්පාදුවට, තෙල් පෝලිම්වලට හා ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණේ රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවේ ජනාධිපති කරපු නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්...
HomeNewsසිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ බොලිවුඩ් තරුව පැවිදි දිවියට

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ බොලිවුඩ් තරුව පැවිදි දිවියට

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කළ ඉන්දීය සිනමා නළු ගගන් මලික් බ්‍රහස්පතින්දා බැංකොක් නුවර විහාරස්ථානයකදී පැවිදි දිවියට ඇතුළත් විය. 

බැංකොක් හි Wat Thatthong රාජකීය තායි බෞද්ධ විහාරයේ ඔහු පැවිදි වූ අතර ඉදිරි දින 15ක කාලයක් මලික් භික්ෂුවක් ලෙස ගත කරනු ඇත.

 “ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් හෙට (බ්‍රහස්පතින්දා) පැමිණේ. බැංකොක්හි Wat Thatthong (රාජකීය ආශ්‍රමය) දින 15 ක් පැවිදි වීම,” ගගන් මලින් පසුගිය බදාදා සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් ද තබමින් කියා සිටියේය. “අනෙක් සියලුම මිතුරන් සහ රසිකයින්ට මට ආශීර්වාද කරන්නැයි.” ද එහි සදහන් විය.  

ගගන් මලික් වරක් පෞද්ගලික නාලිකාවක සිය හැඟීම් හෙළි කළේ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කතාවේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය රඟපෑම ඔහුගේ ජීවිතය සහ ආකල්පය මුළුමනින්ම වෙනස් කළ බවටයි.  මෙමගින් බොහෝ සුබවාදී ව්‍යාපෘති රැසක් ආරම්භ වී ඇති අතර, තායිලන්තයේ සහ ලොව පුරා සිටින බෞද්ධයන් සඳහා ට්‍රයි රත්තනපුම් සමාජය සමඟ තවත් ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් රැසක් ඔහු විසින් දියත් කරනු ලබයි.

ඔහු පසුගිය අඟහරුවාදා තවත් පෝස්ටුවකින් කියා සිටියේ තමාට ධර්මය ඉගෙන ගැනීමට සහ ඉන්දියාවේ ආගම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය බවයි. 

“ධර්මය ඉගෙනීමට කාලයයි – අනිත්‍ය තේරුම් ගැනීමට කාලයයි – දැනුම ලබා ගැනීමට කාලයයි – ඉන්දියාවේ ධමයේ රෝදය පෙරළීමට කාලයයි” ඔහු ලිවීය. 

ගගන් මලික් යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ජනප්‍රියතම නළුවෙකි. ඔහුට තායිලන්තය ඇතුළු බොහෝ ආසියාතික රටවල ද රසික රසිකාවියන් සිටි. මලික්ගේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වූයේ 2013 වසරේ දී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නිරූපණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරු ලෙස චරිත නිරූපනය වේ.

චිත්‍රපට හඬපටය තායි ඇතුළු භාෂා කිහිපයකින් හඬ කැවුනු අතර 2014 වසරේ හැනොයි හි පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සහ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන කිහිපයක් දිනා ගත්තේය.